.

Torrent ගැන


ටොරන්ට් ගැන මම දන්නා දේ තමයි මේ කියන්න යන්නෙ, මුලින්ම මේ තොරතුරු ලබා දුන් Nishnath Thaweesha සහෝදරයාට ගොඩක් ස්තුතියි. මම හිතන්නේ ටොරන්ට් ගැන යම්තරම් දෙයක් කව්රුත් දන්නව. ඒ ගැන නොදන්නා අයට මෙය මහත් ප්‍රයෝජනවත් වේවි.
අපි මුලින්ම බලමු ටොරන්ට් එක වැඩ කරන්නෙ කොහමද කියල. අප සාමාන්‍යයෙන් ගොනුවක් භාගත කරන විට එය අපට ලැබෙන්නේ එය අඩංගු වෙබ් අඩවියේ server එක තුලින්ය. එහෙත් ටොරන්ට් එසේ නැත අප භාගත කරන .torrent ගොනුව පමණක් වෙබ් අඩවියේ අඩංගු වෙයි. .torrent ගොනුවේ ඇතුලත් වනුයේ අපට අවශ්‍ය ගොනුව භාගත කල හැකි ස්ථාන හා එම ගොනුවෙහි විස්තරයි. ටොරන්ට් Client මෘදුකාංගයෙන් කරනුයේ අපට භාගත කල .torrent ගොනුවෙන් හෝ කාන්දම් ලින්ක් එකෙන් දත්ත ලබාගෙන . අපට අවශ්‍ය ගොනුව අඩංගු පරිගණක වලින් එය අපගේ පරිගණකයට භාගත කිරීමයි .

ටොරන්ට් වල ඇති එකම ගැටලුව නොයෙකුත් අවස්ථා වලදී සීඩ් අඩු වීමයි, එසේ වන්නේ අපි වැනි අය ටොරන්ට් භාගත කිරීම පමණක් කරන නිසාය (Upload වෙන්න දෙන්නේ නැත )  අප ටොරන්ට් Client මෘදුකාංගයෙන් ගොනුව භාගත කරන අවස්ථාවේ පටන් එය සීඩ් වෙමින් පවතී එසේවන්නේ එය තවත් අය භාගත කරන නිසාය. ( අපි භාගත කරනවා වගේම අපෙන් තවත් අයට යනවා එකයි ටොරන්ට් කියන්නෙ)
ටොරන්ට් Client මෘදුකාංග කිහිපයක් තිබේ


 මම නම් භාවිතා කරන්නෙ utorrent මෙන්න මේක තමයි, අප මුලින්ම මෙම මෘදුකාංගය භාගත කර එය පරිගණකයට ස්ථාපනය කරගන්න.

ඉන් පසු ඔබට බාගත්කිරිමට අවශ්‍ය කතා මාලාවේ download Link එක උඩ Click කලවිට පහත රූපයේ ආකාරයට දැකගත හැකියි

 
ඉන්පසු අවශ්‍ය කතා මාලාවේ ඔබට බාගත කරගනිමට අවශ්‍ය කොටස් ඉදිරියෙන් හරි ලකුණ යොදන්න
දැන් OK කරපසු එය  download වීම ආරම්භවේ, සියල්ල  download වී  ඉවර වෙලා අර උඩ තියන stop බටන් එක කික් කරල දන්න නැත්නම් upload වීම සිදුවෙයි, 


 torrent බාගත කිරීමේදී බලපාන ගැටළු දෙකකි එනම් 


  1. Download විමේ වේගය අඩුවීම
  2. නැවත upload වීම

 

Download විමේ වේගය අඩුවීමට හේතුව  ටොරන්ට්වල සීඩ්(Seeds) අඩුවීමයි එය වලක්වා ගැනීම සදහා පහත ක්‍රමය සිදුකලහැක


Download වනවිට  රයිට් ක්ලික් කර ප්‍රොපටීස් වින්ඩෝව ගන්න.(පහත රූපය බලන්න)



එහි “trackers (separate tiers with an empty line)” ලෙස සඳහන් කොටුවෙහි තිබෙනවා අදාල ටොරන්ට් එකේ trackers ලා ලිස්ට් එක. දැන් කරන්න තියෙන්නේ පහත Links වල ඇති trackers කොපි කරගෙන අර කොටුවේ පහලින්ම පේස්ට් කරන්න (trackersලා අතර එක ලයින් එකක පරතරයක් තියාගන්න)දැනට තියන trackers මකන්න කරන්න එපා.ඊට පස්සේ OK කරන්න. ඊට පස්සෙ හරි දෑන් හරි ඔයලගේ ටොරෙන්ට් එක ස්පීඩ් වේයි




වඩාත් පැහැදිලි කරගන්න මෙන්න මේ වීඩියෝ එක බලන්න.

නැවත upload වීම වලක්වා ගැනීම සදහා මෙන්න මේ වීඩියෝ එක බලන්න

දැන් මම හිතන්නේ ගැන ඔයලට පැහැදිලි ඇතියි කියලා, ගැටළුවක් ඇතොත් comment එකක් දාන්න

0 comments:

Post a Comment